හේතු ඵල දහම

අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා ඇති දහමෙහි එන මූලික තර්කන ක්‍රමය ලෙස පිළිගත හැකි හේතු ඵල වාදය යමෙකුට වැටහෙන ප්‍රමාණය අනුවම,
එම පුද්ගලයා තුලින් බොදු ප්‍රතිපදාව විද්‍යාමන වනු ඇති අතරම,
එම ප්‍රමාණයෙන්ම එම පුද්ගලයා තමාගේ මානසික සුවපත් භාවය අත් විඳගනු ඇති අතර,
එලෙස තමා විසින් විදිනු ලබන මානසික සුවපත් භාවයේ ප්‍රමාණයෙන්ම යමෙකු බොදු තර්කනයෙහි තමන්හට ගෝචර නොවන කරුනු අධ්‍යනයට නිරතුරුවම, තමා තුලින්ම සිදුවන පෙලඹුම ලබනු ඇත.

අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මාහැගි දේශනය නම්,
යමෙකු විසින් ක්‍රියාත්මක  කලයුත්තේ තමනට නිවැරදි ලෙස වැටහෙන දෙය මිස බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාලා ඇති දෙය නොවන බවය.

ඔබ බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාලා ඇති නමුත් ඔබහට නිවැරදි ලෙස නොපෙනෙන යමක් ඇති නම් ඒ මත ක්‍රියාත්මක වීමට ප්‍රථමව ඔබගේ කල්යාන මිත්‍රයකුගෙන් උපදේශනයන් ලබා ගන්න.

එසේත් නොමැති විට එම ක්‍රියාත්මක වීමෙන් පසු ඔබට ලැබෙන අනිසි විපාක වල හේතුව වූ බුදු වදනට එරෙහිව ඔබතුලවූ දැක්ම මතුකර ගැනීමට දක්ෂ වන්න.

ඔබ ඔබගේ ජීවිතයෙහි අත්දකින අනිසි විපාකයන් හමුවෙහි අසහනයෙන්, පීඩනයෙන්, කලකිරීමෙන් යුතුව දිවිගෙවන්නෙකු නම්, ඔබතුල පවතින අතාර්කික භාවය මතුකර ගනිමින් එම දුක්ඛිත ස්වභාවයෙන් මිදීම පිනිස ප්‍රඥාව දියුනු කර ගැනීමට කල යුතු දෙය සහ නොකල යුතු දෙය විමර්ශනය කරන්න.

එම විමර්ශනයෙහි ප්‍රතිඵලයක් ලෙස බුදුන්ගේ දේශනයට පටහැනිව ඔබතුල තර්කයන් මතුකරන ඔබගේ බුද්ධිහීන මනෝභාවයන්ද,
අනුගතව නැගෙන තර්කනයෙහි බුද්ධිමත්භාවයද විද්‍යාමනවීම තුලින්,
දැඩි වීර්යකින් යුතුව බුදුන් දෙසූ මඟම ගමන් කරමින් සියලු අසහනකාරී මානසිකත්වයන්ගෙන් මිදී නිවී සැනසුන ජීවිතයක හිමිකාරීත්වයෙහි අයිතිය ඔබටම උරුම කර ගැනීම පිනිසය.

නයන යාපා
2017-07-26

Advertisements