බොදු හෙළයාගේ ඉලක්කය

බොදු හෙළයාගේ ඉලක්ක ගත ජීවිතය

ඔබ සිංහල බෞද්ධයකු ලෙස ඉපදී ඇති නම් සහ කිසියම් මානසික අපහසුතාවයකින් / අසහනයකින් යුතුව කල්ගත කරන්නෙකු නම්,
ඔබ ඔබට උරුමවූ බොදු උපතෙන් නියම ප්‍රයෝජනය ගත්තෙකු නොවන බව දැන ගන්න.

බෞද්ධයා යනු පුද්ගල සන්තානයෙහි හටගන්නා සියළුම දුක්ද, එම දුක්වල හේතුවද, එම හේතුව නැතිවීම තුලින් දුකෙහි නිරෝධය සිදුවන තාර්කික දැක්මද, දුකෙහි හේතුව වූ රාග, ද්වේශ සහ මෝහ සිතුවිලි මනස තුල ඇති නොවනා ආකාරයට මනස සකසා ගන්නා ක්‍රම වේදය හෙවත් නිරතුරුවම වඩන ආර්ය අෂ්ඨාංගික මාර්ගය, නිරතුරුවම වඩනා හේතුවෙන්ම මානසික අපහසුතාවන්ට / ආතතීන්ට දීර්ඝ කාලීනව ගොදුරු නොවනා පිරිසක් බව දැන ගන්න.

එනම් බෞද්ධයා යනු විෂ්මිත විශ්ලේෂණ හැකියාවකින් යුතු පුද්ගල කොට්ඨාසයක් බවද,

එනම් ඔහු තමාතුල, තමාගේ සන්තර්පණය පිනිසම උපාදානය කරගත් වස්තූන් තමන්ගේ අභිමතය පරිදි ක්‍රියා නොකරන විටදී ,
තමා තුල ගොඩනැගෙන ද්වේශ සහගත සිතුවිලිවල හේතූන් එම මොහොතේදීම විශ්ලේෂණය කර, එම ද්වේශය එම මොහොතේදීම තම මනස තුලින් නිරවශේෂ ලෙසම නිරෝධ කර දැමීමට තරම් ප්‍රභල වුත්, එලඹ සිටි සිහිය නිරතුරුව පවත්වා ගන්නා පුද්ගල විශේෂයක් බව අවබෝධකර ගන්න.

ඔබ තවමත් රාගයෙහි ආශ්වාදය හමුවෙහි එහි ආදීනවය දැකීමට තරම් ප්‍රඥාව මුහුකුරාගොස් නොමැති සිංහල බෞද්ධයකු නම්,
හෙල බොදුවකු ලෙස ඉපදී පිනිස ඔබ විසින් පෙර අත්භවයන් තුලදී කරනු ලැබ ඇති කුසල ශක්තිය අපතේ යවන බුද්ධිහීන මන්ද මානසිකයකු බව හොඳින් අවබෝධ කර ගන්න.

ඔබ අද බුද්ධිහීන මන්ද මානසිකයකු බවට පත්වී ඇති නමුදු,
ඔබ විසින් අතීතයේදී සවිඥාණිකවම  රට, ජාතිය සහ ආගම වෙනුවෙන් කරනු ලැබ ඇති කැපකිරීමම මෙම උපතට හේතුවී ඇති ආකාරය පිලිබඳව සවිඥාණික වන්න.

හෙළ බොදුවකු ලෙස ලබන විශ්මිත විශ්ලේෂණ හැකියාව අප තුල ගොඩ නගා ගැනීම තුලින්, සියලුම රාග, ද්වේශ සහ මෝහ සිතුවිලි අප මනස තුල හටගන්නා විටම එහි හේතූන් විශ්ලේෂණය කිරීම තුලින්  එම රාග, ද්වේශ සහ මෝහ සිතුවිලි එම මොහොතේදීම නිරවශේෂ ලෙසම නිරෝධ කර සමාධි සුවය මනස තුල අත්විඳ ගත හැකි පුද්ගලයන් ලෙස පරිවර්ථනය කිරීම පිනිස,
අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින්,
මහා බෝධි සත්වයන් වහන්සේ ලෙස සාරා සංක කල්ප ලක්ෂයකට වැඩි අවුරුදු ගනනක් පෙරුම් දම් පුරමින්ද,
මෙම අත්බවය තුලදී රජෙකු ලෙස උරුම සියලු සැප සම්පත් හැර දමා මහාභිනිෂ්ක්‍රමනය කරමින්,
මිනිසෙකුහට ඉසිලිය නොහැකි වන තරම් කටුක දුෂ්කර ක්‍රියාවෙහි සය අවුරුද්දක්ම නිරතවීමෙන්ද සිදු කර ඇති කැප කිරීම නැවත නැවතම සිහි කරන්න.

අනතුරුව ලොව අන් සියල්ලටම ප්‍රථම තම සන්තානය තුල පිහිටවා ගැනීම තුලින් අට ලෝ දහමින් කම්පා නොවී සිටීම තුලින් අප සන්තානයන් තුලින්ම සුවය දැනෙන මනා කොට දේශනා කොට ඇති ධර්ම රත්නයෙහි ගුණ සිහි කරමු.

අනතුරුව මෙම දේශනාවන් අද දක්වාම පවත්වා ගනිමින් අප හටද එහි සුවය උරුම කරදීම පිනිස කැපවූ සෘජු වූත්, සුන්දර වූත්, නිවන පිනිස වූත්, ගරුකොටයුතු ප්‍රතිපත්තියෙන් ද යුතු වූත් ඒ මහා අෂ්ඨ පුද්ගය අර්ය සංඝ රත්නයෙහි ගුණ සිහි කරමු.

අනතුරුව තෙරුවණ් සරණ ගිය නිවැරදි බෞද්ධයෙකු බවට පත්වීම පිනිස ඔබ විසින් දැන පිලිපැදිය යුතු පහත දහම් කරුනු ඔබගේ තියුනු අවදානයට ලක් කරන්න.

බෞද්ධයකු දැනගත යුතුම කරුනු
1. චතුරාර්ය සත්‍යය
2. පටිච්ච සමුප්පාදය
3. ආර්ය අෂ්ඨාංගික මාර්ගය
4. සම්මා දිට්ඨිය
5. අාර්ය වූ චිත්තය
6. ඉරියාපත භාවනාව
7. සතර සතිපට්ඨානය

අනතුරුව  සියලුම දුක් ඇතිවන මොහොතේම ඒවායෙහි හේතු විමසීම තුලින් ඒවා නිරවශේෂ ලෙසම නිරෝධ කරන විශ්මිත විශ්ලේෂණ හැකියාව ඔබට ලැබෙන තෙක්ම ආර්ය මාර්ගය නිරතුරුවම වැඩීමම ඔබගේ ජීවිතයේ ඉලක්කය කර ගන්න.

අනතුරුව ඔබ ලබන සමාධි සුවය ඔබගේ දෙමවුපිය, ගුරුවර,අඹු දරු, නෑදෑ හිත මිතුරන්ටද අත්විද ගැනීමට උපකාර වන ජීවිතයක් පවත්වා ගැනීමට ඉලක්කකර  ගැනීම සිංහල බෞද්ධයාගේ වර්ථමාන වගකීම වන බව අපගේ වැටහීමයි.

2016-11-19

 

 

 

 

Advertisements