බොදු දෙමව්පියන්ගේ ඉලක්කය

බොදු දෙමව්පියන්ගේ ඉලක්කගත ජීවිතය

සිංහල බෞද්ධයකු ලෙස ඉපදීමට තරම් වාසනා ශක්තිය ඇතිව උපත ලබා ඇති ඔබ,
අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින්,
මහා බෝධි සත්වයන් වහන්සේ ලෙස සාරා සංක කල්ප ලක්ෂයකට වැඩි අවුරුදු ගනනක් පෙරුම් දම් පුරාත්,
මෙම අත්බවය තුලදී රජෙකු ලෙස උරුම සියලු සැප සම්පත් හැර දමා මහාභිනිෂ්ක්‍රමනය කොටද,
මිනිසෙකුහට ඉසිලිය නොහැකි වන තරම් කටුක දුෂ්කර ක්‍රියාවෙහි සය අවුරුද්දක්ම නිරතවීමෙන්ද අනතුරුව,
ඔබද මමද ඇතුලත් සියලුම ලෝක වාසීන්ගේ සියලු දුක් නිවීම පිනිසත්,
සියලුම ලෝක වාසීන්හට උපරිම සුවය වෙත එලබීම පිනිසත් තමා වහන්සේ විසින්ම දැන, දේශනාකොට වදාලා අැති දහමෙහි තාර්කික භාවය ග්‍රහනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන්ම මිනිසෙකු ලෙස ගතකල යුතු දුකෙන් මිදුනු නිරාමිස සැපයට පමුණුවන ඝෘජු මාවතෙන් බැහැරවූ ගිහි දිවියක් ගත කරන්නෙකු බවට පත්වී දරුවන් සහිතව පියෙකු හෝ මවක ලෙස වර්ථමානයෙහි ජීවිතය ගත කරන්නෙකු නම්,
ඔබගේ තර්කනයෙහි සහ බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා ඇති තර්කනයෙහි පරස්පරයෙහි හේතුව වන ඔබගේ බුද්ධියෙහි මද භාවය වටහා ගැනීමට තරම් බුද්ධිමත් වන්න.

යමෙකු තුල නිර්වාණ ධර්මය ස්ථාපනය වන ආකාරය අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් විස්තර කොට වදාලා ඇති ආකාරය කුමක්ද යන්න ඔබම විමර්ශනය කරන්න.

යමෙකු විසින් තමා තුල ගොඩනැගෙන දුකද, එම දුකෙහි හේතුවද, එම හේතුවෙහි නිරෝධයෙන් දුකෙහි නිරෝධය සිදුවන ආකරයද, එම හේතුව නිරෝධ කරන ක්‍රම වේදයද දනී නම් සහ ඒ අනුව ක්‍රියාත්මක වෙමින් තමනට දුක උපදවන සියලුම හේතූන් තම මනස තුල නූපදින ලෙසම නිරෝධ කර ගැනීම තුලින් ලබන සියලු දුකින් මිදුනු සුන්දරවූ නිවීම හෙවත් නිවන වෙත පමුණුවන හේතු ඵල දහම සූක්ෂම ලෙස අධ්‍යනය කර ඔබ තුල ස්ථාපනය කර ගැනීම තුලින් ඔබටත් පරම සුන්දර නිවනෙහි සුවය විද ගත හැකි බව මෙනෙහි කරන්න.

මෙම හේතු ඵල සම්බන්දය වැටෙහෙන ඔබ,
නිරතුරුවම අරමුණක එල්බ ගැනීමම ස්වභාවය කොට ගෙන ඇති ඔබගේ මනස,
දැඩි අරමුණු වලින් බැහැරව පවතින සමාධිමත් භාවයට පත් කරගත හැකි අාකරය විමසීමට තරම් දක්ෂ වන්න.

අප තතාගතයාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා ඇති මනස සමාධිය පත් කරවන ක්‍රමවේදය ඔබගේ ගැඔුරු විමර්ශනයට ලක්කරන්න.

එකකට අනෙකක් පෙරද පසුද නොවී එකවිටම සිදුවන සීලයද, සමාධියද, ප්‍රඥාවද ඔබතුල ගොඩ නගා ගැනීම තුලින් ප්‍රඥාවෙන් යුතුව තම ඉරියව් හැසිරවීම තුලින් තම සිත සමාධිය වෙත යොමු කරවන ආර්ය මාර්ගය ඔබ තුල වර්ධනය කර ගතහැකි ආකරය ඔබම දැක ගන්න.

මෙලෙස යමෙකු තමා තුලම අත් දකින සමාධි සුවය, තමා තුලම ගොඩ නැගෙන රාග, ද්වේෂ සහ මෝහ සිත් තුලින් බිදෙන ආකරයද,
එම රාග සුවය අභිබවා යන ලෙස සමාධි සුවය වර්ධනය වන විට,
රාගයන් නිරවෂේශ ලෙසම නිරෝධයට පත්වන ආකාරය ඔබගේ මනසින්ම විමර්ශනය කරන්න.

මෙලෙස උතුම් සමාධියක් ඇති කර ගැනීම පිනිස වන සෘජු මාවත,
ආර්ය මහා සංඝ රත්නයෙහි සාමාජිකයකු වීම බවද,
සෘජු නොවන මාර්ගය ආර්ය ශ්‍රාවකයෙකු හෙවත් තෙරුවණ සරණ ගිය බෞද්ධයෙකු බවට පත්වීම බවද දැන ගන්න.

තෙරුවණ් සරණ ගිය නිවැරදි බෞද්ධයෙකු බවට පත්වීම පිනිස ඔබ විසින් දැන පිලිපැදිය යුතු පහත දහම් කරුනු ඔබගේ තියුනු අවදානයට ලක් කරන්න.

බෞද්ධයකු දැනගත යුතුම කරුනු
1. චතුරාර්ය සත්‍යය

2. පටිච්ච සමුප්පාදය
3. ආර්ය අෂ්ඨාංගික මාර්ගය
4. සම්මා දිට්ඨිය
5. අාර්ය වූ චිත්තය
6. ඉරියාපත භාවනාව
7. සතර සතිපට්ඨානය

මෙම ලෙස ගොඩනගා ගන්නා දැනුම තුලින්,
චතුරාර්ය සත්‍යය මත පදනම්ව,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම ඔබගේ දිනය පුරාවටම සිදුවන අනිවාර්ය අංගය බවට පත්කර  ගැනීම තුලින්,
ඔබ තුල නිරතුරුවම පවතින සමාධියක්  ගොඩනගා ගන්න.
මෙසේ පවතින සමාධි සුවය අත් විදින ඔබ,
ඔබගේ දරුවාගේ දරුවාටද ඔබ අත්විදින මානසික සුවපත්භාවය විඳ ගැනීම පිනිස ඉහත දහම් දැනුමද,
ඒ මත පදනම්ව නිරතුරුව වඩන ඉරියාපත භාවනාව මත සිදුකරන සතර සතිපට්ඨානය තුලින් මනස තුල පැන නගින සියලුම රාග, ද්වේශ සහ මෝහ සිතුවිලි එම මොහොතේම හදුනාගෙන ඉන් මිදීම තුලින් නිරතුරුවම පවතින සමාධිය ඔහු තුල ගොඩනගා ගැනීම පිනිස ඔහුට සහාය වන්න.

මෙය ඔබ විසින් සිංහල බෞද්ධයකු ලෙස ඉපදීමට ඔබගේ දරුවාට උදාකල අවස්තාව, තව දුරටත් වර්ධනය කරමින් ඕනෑම ජීවියකුට ලගා කර ගතහැකි උපරිම සුවය වෙත ඔහුහට පිවිසීමට හෙවත් සියලු දුකෙන් මිදුනු නිර්වානය වෙත එලබීම පිනිස වන ප්‍රඥාව ඔහුතුල වර්ධනය කරවීම තුලින් ඔබ විසින් දෙමව්පියෙකු ලෙස දරුවකු හට දිය හැකි උතුම්ම දායාදය උරුම කරවන උතුම් වූ පියෙකු හෝ මවක බවට පත්වනු ඇත.

ඔබගේ දරුවාද ඔබ වැනිමවූ මඳ ප්‍රඥා වූ වකු නම් ඔහු විසින් ඔබ මෙන්ම ගිහි ජීවිතය තෝරා ගනු ඇති අතර මෙම භවය තුලදී ලබන නිවනට උරුම නොකියන මුත් සසර දිවිය කෙටි කර ගැනීම පිනිසම උත්සුක වූ වාසනාවන්ත දරුවකු වනු ඇත.

මෙම වෑයම ඔබහට සෘජු හෝ සෘජු නොවන නිවන් මගම වැඩීමට උපකාරයක්ම වේවා.

2016/11/05
නයන යාපා

Advertisements