පැවිදි උතුමන්ගේ ඉලක්කය

ඔබ හේතු ඵල දහම නොතේරෙන, කාම සංකල්පනා මනසට මොදු නොවන කුඩා වයසින් උත්තම වූ පැවිදි බිමට පිලිපන්නකු හෝ
තවමත් බුදු හිමියන් වදාලලෙස ඔබගේ ජීවන මගෙහි කලයුතු නොකල යුතු දේ කුමක්ද යන්න පිලිබඳ නිවැරදි නිගමනයක් නොමැතිව ඉලක්ක ගත ජීවිතයක් ගත නොකරන හෝ
සත්ව පුද්ගල සංඥාවෙන් යුතුව ශරීරයට දැඩි දුක් දෙමින් විමුක්තිය සොයා යෑමද, පෙර භවයද මතු උපතද පිලි නොගනිමින් පංච ඉන්ද්‍රියන් පිනවීමද යන අන්ත දෙකෙන් මිදුනු හේතු ඵල දහම මත පදනම්වූ මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවිතය පැවැත්විය යුතු බව දන්නා නමුදු මුලු ජීවිතයෙහිදීම කල යුත්ත නොපැහැදිලි ඉලක්ක ගත ජීවිතයක් ගත නොකරන හෝ
හේතු ඵල දහම අනුව යමින් ගොඩ නැගුනු යමෙකුගේ මනසෙහි සුවපත් භාවය මනසතුල දුක ඉපදීම තුලින් නැතිවී යන බවද, මනස තුල දුක ඉපදීමේ හේතුව මනසෙහි තෘෂ්ණාව පහලවීම බවද, මනසතුල තෘෂ්ණාව පූර්ණ ලෙසම නූපදීම තුලින්, මනසෙහි දුක නූපදින බවද, දුක නූපදින මනස පූර්ණ ලෙසම සුඛිත ස්වභාවයෙන් නොපැවතීමට හේතු නොමැති බවත් දන්නා නමුදු මනස  පූර්ණ ලෙසම තෘෂ්ණාවෙන් මුදවන ක්‍රමවේදය නොදන්නා හෝ
තව දුරටත් හේතු ඵල දහම අනුවම සිත යොමු කරමින් තෘෂ්ණාව මනසෙහි ජනිතවන හේතුව තෘෂ්ණාව ඉපදීම හේතුවෙන් දුක ඇතිවීමද, තෘෂ්ණාව නූපදීම හේතුවෙන් දුකින් මිදුනු සුඛිත ස්වභාවය වන නිර්වාණය වෙත එලබීමද යන ක්‍රියා දාමය අවබෝදයට නොපැමිනුන හෝ

එසේ තෘෂ්ණා‍වෙන් මනස මුදවන ක්‍රමවේදය ඉහත අවබෝදය තුලින්ම තෘෂ්ණා සහගතව කය, වචන සහ සිත ක්‍රියාත්මකවීම වලකාලන කායික, වාචසික සහ මානසික සංවරය ඇති කරන නිර්වාණගාමී ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම තුලින් පවත්වා ගන්නා ස්තිරවූ ශීලය බව දන්නා  නමුදු ස්තිරව පවතින ශීලයකට උරුමකම් නොකියන හෝ

මෙසේ තමා විසින් තමා තුල ගොඩනගා ගන්නා ශීලය, තමා තුල ගොඩනැගෙන සමාධියටද එම සමාධිය තමාතුල වැඩෙන ප්‍රඥාවටද, ප්‍රඥාව තමාගේ විමුක්තියටද හේතු වනබව දන්නා නමුදු තමාතුල ආර්ය කාන්ත ලෙස පවතින ශීලයකට ද හිමිකම් නොකියන පැවිදි උතුමෙකු නම්

ඔබ ගතකරන වටිනා කාලය අප තතාගත සම්මා සම්බුදු හිමියන් වදාලලෙස අපතේ නොහැර සම්මා සම්බුදුවරයෙකුට පමනක් විවර කර දියහැකි උත්තමවූ සෝවාන් ඵලය වෙත එලබීමම ඉලක්කකර ගත්තෙකු බවට පත්වෙමින්,
ඉහත සියලුම තර්කනයන් මත පදනම් වෙමින් රාග, ද්වේශ සහ මෝහ සිතුවිලි වලින් මිදුනු අලෝභ, අද්වේශ සහ අමෝහ සිතුවිලි වලින් යුතු මනසක හිමිකාරිත්වය දරනු පිනිස නිරතුරුවම බුද්ධ, ධම්ම සහ සංඝ රත්නයෙහි ගුණ දැනගෙනම නිරතුරුවම සිහිකරමින් ආර්ය කාන්තවූ ශීලය තමා තුල ඇති කර ගනිමින් උත්තමවූ සෝවාන් ඵලය තමා තුල ස්ථාපනය කර ගැනීමෙන් අනතුරුව ඔබ අත්විදින සුඛිත ස්වභාවය සියලු මානවකයන් විශයෙහි අත්කර දීම පිනිස කැපවන ඉලක්ක ගත ජීවිතයක් ගත කරන ඔබ,
මෝහ අන්දකාරයෙන් ගිලුනු බහුතරවූ සමාජයක පෙර පින් ඇතිව උපත ලබා ඇති මිනිසුන්ගේ හිතසුව පිනිස වූවකුම වනු ඇත.

Advertisements