දින චරියාව

ඔබට, ඔබ අත්විදින සියලු පීඩාවන්ගෙන් මිදී, මානසික සහනයෙන් යුතුව ජීවිතය පවත්වා ගැනීමට, බුද්ධ දර්ශනයට අනුව ඔබ දැනගතයුතු දේ දැන ගැනීම සඳහා ද, ඒ අනුව දිනය ආරමිබ කර අවශ්‍යය අරමුණු ඉටුකර ගැනීම උදෙසා අප විසින් ක්‍රියාත්මක කරමින් පවතින ක්‍රම වේදය ඔබගේ දැන ගැනීම සහ භාවිතය පිනිසය.

ගෙවුනු අතීතයේ වගකීම භාර ගැනීම
මා තුල පැවතුන බුද්ධිය සහ සංයමය තුලින් මා විසින් අනුගමනය කරනලද බෞද්ධ ප්‍රතිපදාව තුලින් අද දිනය තෙක් මාතුල ගොඩනගාගෙන අැති මානසික සංවරය පිලිබදවද, මා‍ගේ ‍‍‍මෙතෙක් ඉටුකරගෙන ඇති ‍ලෞකික අ‍පේක්ෂාවන් පිලිබදවද මම ඉත සිතින් සතුටු වන අතර වර්ධනය කරගත නොහැකි වූ මානසික සංවරය පිලිබඳව ද මෙතෙක් ඉටුකරගත නොහැකි වූ ලෞකික අපේක්ෂාවන් පිලිබදව ද ඉත සිතින් කනගාටු වෙමි.

දින‍යේ අධිෂ්ඨානය
දිනපතා මල්, පහන්,  සුවද දුම්, පැන්,  ආහාරයෙන් තෙරුවන් පුදා, නව අරහාදී බුදු ගුණ ද, සයාකාර දහම් ගුණද, නවාකාර සඟ ගුණද තේරුම දැනගෙනම මෙනෙහි කර, ඒ භාග්‍යවත් වූ බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා ඇති ධර්ම රත්නය අනුගමනය කරමින් අති උතුම්වූත් පරම ගාම්භීරවූත් නිර්වාණ සුවය අත්විද ගැනීම පිනිස වන ප්‍රඥාව තමාතුලම වර්ධනය කරගත් ඒ මහා සංඝ රත්නය අනුගමනය කරමින් අපද, අපතුල ප්‍රඥාව වර්ධනය වන ලෙස පිහිටන සමාධිමත් සිතක උරුමකරුවකු වීම පිනිස වන සිත, කය සහ වචනයෙහි සංවරය අඛණ්ඩ ලෙස පිහිටන පරිදි වන ආර්යකාන්ත වූ ශිලය අප තුල පිහිටුවා ගැනිම පිනිස චතුරාය්‍ය සත්‍යය පදනම් කරගෙන නිරතුරුවම නිර්වාණගාමී ආර්ය අෂ්ඨාංගික මාර්ගය  වඩන්නෙකු බවට පත්වීම පිනිස අධිෂ්ඨාන කරමු.

ප්‍රමුඛ වූ අරමුණ ලෙස නිර්වාණය වෙත එලබීමද, ද්විතීක ලෙස සැපවත්වූ ලෞකික ජීවිතයද අරමුණු කර එම සාර්ථක ලෞකික ජීවිතයෙහි හිමිකාරීත්වය පිනිස තමාගේ සියලු ලෞකික අරමුණුද, එම අරමුණු ඉටුකර ගැනීම පිනිස යොදන උපායමාර්ගයන්ද, ඒ වෙනුවෙන් අද දිනය තුලදී සිදුකලයුතු කාර්ය භාරයද මෙනෙහි කර, එම කාර්යන් එලබි අරමුණ සහිතවම ඉටු කිරීම තුලින් එලබි අරමුණද සාර්ථක කර ගනිමින් සමාධිමත් සිතක උරුමයද සහිතවම ගතකිරීමට අධිෂ්ඨාන කරමු.

දින‍යේ ප්‍රාර්ථනය
‍මේ සදහා අවශ්‍ය ශක්තිය, ‍‍‍ධෛර්ය්‍ය නිරතුරුවම මාතුල පවතින තුනුරුවන් ‍කෙ‍‍‍රෙහි වූ අචල ශ්‍රද්ධාව තුලින් නිරතුරුවම මාහට ලැ‍‍‍බේවා.
මානසික පීඩනයෙන් තොරවූ සුවදායක මනස තුලින් අද දිනය තුලදී ඉටු කර ගතයුතු මා‍ගේ ‍‍‍ලෞකික අ‍පේක්ෂාවන්ද, ‍ලෝ‍කෝත්තර අ‍පේක්ෂාවන්ද ඉටු කර ගැනී‍මේ ශක්තිය, ‍‍‍ධෛර්ය්‍ය, වාසනාව ලැ‍‍බේවා.

සටහන :
සැබෑ බෞද්ධයා යනු පරම සුඛය වන නිර්වාණය අරමුණු කරගෙන ජීවිතය පවත්වන හේතුවෙන්ම, අවම මානසික පීඩනයන්ගෙන්ද උපරිම සතුටෙන්ද වාසය කරන පුද්ගලයෙකු වන අතර ඒ සදහා දතයුතු, පිලිපැදිය යුතු  මූලික කරුණු පහත ආකාරයට වෙයි.

  • තම මනස සියළු ආකාරවූ පීඩාවන්ගෙන් මුදවාගෙන සැහැල්ලු ආකාරයෙන් පවත්වා ගනිමින්, මනස පීඩාවට ලක්වන ස්වභාවයෙන් මුදවා ගතයුතු බව.
    ( දුක් වලින් මිදියයුතු බව)
  • තම මනසෙහි හටගන්නා සියළුම පීඩාවන්ගේ හේතුව තමන් කැමති දේ (තමන්ගේ ආසාවන්/ අවශ්‍යතාවයන්/බලාපොරොත්තු ) තමන් කැමති අාකාරයෙන් සිදු නොවීම බව දැන ගැනීම.
    ( දුක් වල හේතුව තණ්හාව බව)
  • තමන්ගේ කැමැත්ත අනුව සිදු නොවූ දේ, සිදු නොවන දේ පිලිබදව පවතින අකමැති ස්වභාවයෙන් මිදීම තුලින් ඒ හා බැදුනු පීඩාවන් ඉවත්වන බව දැන ගැනීම.
    ( තණ්හාවෙන් මිදීම තුලින් දුකෙන් මිදිය හැකි බව)
  • මේ සදහා තමන්තුල පවතින ශක්තිය පිලිබද(තමන්ට කලහැකි / නොකලහැකි දේ ගැන) තමන්ට මනා වැටහීමක් තිබිය යුතු වන අතර ඒ අනුව තමන් විසින් කලයුතු, නොකලයුතු දේ ගැනද මනා අවබෝධයකින් යුතුව තීරණය කර කල යුතු දේ කිරීමටත්, නොකලයුතු දේ නොකිරීමටත් නිරන්තර වීර්ය පවත්වා ගතයුතු බව.
    ( පෘතග්ජන ජීවිතය අවම දුක් සහිතවද ලෝකෝත්තර සැපය වෙත එලබීමට බාදා ඇති නොකරන ලෞකිඛ සැප සහිතවද(අකුසලයෙන් මිදී කුසලයෙහි යෙදී ) ගතකල යුතු බව)

3 thoughts on “දින චරියාව”

  1. can see u talk sense.. Great job dear.. Keep on posting.. Theruwan saranai..!

    කැමතියි

    • ප්‍රිය ලක්ෂමන්,

      ඔබගේ ඇගයීමට තුති.
      මා දකින බෞද්ධයා නම් නිරායාසයෙන් සිතුවිල උපදින මනස‍ දෙස නිරතුරුවම බලා සිට කල යුතු දෙය කරන පුද්ගලයෙකි.
      එම හැකියාව තමා වෙත ඇති කර ගැනීම සඳහා සෑම බෞද්ධයකු හටම නියමිත ලෙස පවත් වන්නට යෙදුනු දින චරියාවක් පවත්වා ගත යුතු බව මා ගේ අවබෝදයයි.
      ඒ සඳහා ඔබගේ දින චරියාව ඔබට ආවේනික ලෙස සකසා, පවත්වා ගෙන යමින් දැන ගත යුතු දෙය දැන ගැනීම සඳහාත්, කල යුතු දෙය කිරීම සඳහාත් ඔබට තෙරුවන් ගුණ ඔබ මනස තුල ස්ථාපනය කර ගැනීමෙන් ලැබෙන ආරම්භක බලය ලබා ගත හැකි වීම පතමි.

      ඔබට තෙරුවන් සරනයි.
      නයන

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )